(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ලෙස කොටස් මෙරටට ගෙන්වා එකලස් කළ ලොරියක් තබා ගත්තැයි කියන සිද්ධියකට හිටපු අමාත්‍ය විජිත් මුණි සොයිසා අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.
හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන හපුතලේ මුතුවානාවත්ත වතු යායේ තිබී එම ලොරිය පොලිස් භාරයට ගෙන ඇත.