හිටපු අගමැති බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැදී සිටීම ගැන නඩු මඟට



     
               
නාලක සංජීව දහනායක

 
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳීසිටීමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.


ඒ අනුව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු අගමැතිවරයාට එරෙහිව ඉදිරියේ දී නඩු පවරන බව කලූතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුලසිටම මෙම ප‍්‍රශ්න විසඳෙන ආකාරයට ක‍්‍රියාකළ බවත් පැවසූ හිටපු මන්ත‍්‍රීවරයා අවශ්‍ය නම් මේ මොහොතේ අරලියගහ මන්දිරයේ ජලය හා විදුලිය කප්පාදු කිරීමට රජයට බලය ඇතැයි ද කීය. එහෙත් රජය එවැනි ක‍්‍රියාමාර්ග වලට එළඹ මෙම ප‍්‍රශ්නය තවත් දිග්ගැස්සීමට බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.


බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පැවැති  මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.