හැරී ජයවර්ධන අවසන් ගමනේ


(තිස්ස කොටින්කඩුව)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහපරිමාන ව්‍යාපාරික ආයතන රැසක හිමකරුවකු වු ප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ දේහයේ අවසන් කටයුතු අද 04 දින සවස ජාඇල වැවල සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් කතෝලික දේවස්ථානයේ පැවති දේව මෙහෙයකින් අනතුරුව වෑවල පොදු සුසාන භුමියේදී සිදු කෙරුණි.

මෙම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත්  කොළඹ අගරදගුරු තුමන් අතින් සිදු කෙරුණි.

අභාවත්ප්‍රාප්ත හැරි ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු සදහා ජාඇල වෑවල පොදු සුසාන භුමියට විපක්ෂ නායක සජිත් පේමදාස,හි ටපු කතානායකවරයෙකු වු කරුජයසුරිය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන ස්ටෙෆනි ප්‍රනාන්දු,දිලිත් ජයවීර ඇතුලු දේශපාලඥයන් රැසක්ද දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක්ද සහභාගි වි සිටියහ.