
(ඉන්දිකා රාමනායක)
යාපනය මාදගල් ශිවන් කෝවිලේ වන්දනාමාන කරමින් සිටි 76 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැද සිටි තැල්ල සහිත රුපියල් ලක්ෂ 10ට ආසන්න වටිනා රන් මාලය කොල්ලා කෑ කාන්තාවක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මාදගල් පොලිසිය කියයි.
මොවුන් ත්‍රිරෝද රථයෙන් ගොස් යාපනය අවට රන් මාල කැඩීමේ නිරත සංවිධානාත්මක කල්ලිය සමාජිකයන් බවද පොලිසිය කියයි.
මෙම කාන්තාව ඊයේ (5) දහවල් කෝවිලේ රැදී සිටියදි කාන්තාවන් දෙදෙනකු කෝවිලේ රැදී සිටිමින් වයෝවෘද්ධ කාන්තාව අසලට ගොස් රන් මාලය කඩාගෙන පලාගොස් ඇත බව පොලිසිය පවසයි..
කෝවිලේ සිටි පිරිස කාන්තාවන් දෙදෙනා පසුපස හඹායාමේ දී සැකකාරිය අසල නවතා තබන ලද ත්‍රිරෝද රථයක නැගී පලාගොස් ඇත.
කෝවිලේ සිටි පිරිස එම ත්‍රිරෝද රථය පසුපස හඹා එය නවත්වාගෙන ඇති අතර, සැකකාරියන් සහ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත
කොල්ල කෑ රන් මාලය ද සැකකාරිය සතුව තිබී සොයාගෙන ඇත.
පලාගිය සෙසු සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, සැකකාරිය උප්පුවේලි පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.
පලාගිය සැකකාරිය අතඅඩංගුවට ගැනීමට ඉලවාලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

