හැටන් නෝර්ටන්බ්‍රිජ් මාර්ගයේ ගමනා ගමනයට බාධා


(රංජිත් රාජපක්ෂ)                  

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද සුළං සමඟ ඇද හැලෙන අධික වැසි හේතුවෙන් හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් ස්ථාන කිහිපයකදි කඩා  වැටි එම මාර්ගයේ ගමනා ගමන කටයුතුඅද  (30) ඇනහිට ඇති බව හැටන් පොලිසිය පැවසීය.

එම මාර්ගයේ ලෙතන්ටි වත්ත ප්‍රදේශයේ ගස කඩාවැටී ඇති බවත්, කඩා වැටුනු ගස් විදුලිබල මණ්ඩලයේ සෙවකයින් විසින් කපා ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුනු ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් කරන වාහාන විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය ඉල්ලා සිටියි.