
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට අද (18) පැයක කාලයක් බාධා එල්ල වූ බව ගිනිගත්හේන පොලිසිය කියයි.
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නගරයට ආසන්නයේ හින්දු කෝවිල අසල පිහිටි ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු බවත්, ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් එක්ව ගස කපා ඉවත් කිරීමේ කටයුතු කරමින් සිටිති.
හැටන් කොළඹ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු සහ ගස් කඩාවැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින අධික වර්ෂාවත් සමග අද පස්වරුවේ සිට කැනියොන් සහ ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුව බැගින් විවෘත කළ බව ද එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.



