හැටන් ආපනා ශාලාවක බත් සමග කැරපොත්තෙක් දීලා


(රංජිත් රාජපක්ෂ)

හැටන් නගර මධ්‍යයේ පිහිටි ආපනශාලාවකින් ඊයේ (21) දින දහවල් ආහාරයට ගත් බත් වල කැරපොත්තෙක් සිටි බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හැටන් දික්ඔය නගර සභා මහජන සෞඛ්‍ය අංශය කියයි.

දිවා ආහාරය ලබාගනිමින් සිටියදි පිගානේ මියගිය කැරපොත්තකු සිටිම සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකිමක් නොකල නිසා පාරිභෝගිකයා  පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත දැනුම් දිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරින්  එම ආපනශාලාව වෙත ගොස් විමර්ෂණයක් සිදු කර ඒ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත දැනුම් දි ඇත.