හලාවත රෝහලට වැස්සෙන් බර හානි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආපදා තත්වය හේතුවෙන් ජලයෙන් යටවූ හලාවත මහ රෝහලේ ගඩබා කර තිබූ රුපියල් ලක්ෂ 500ක ඖෂධ තොගයක් විනාශ වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.

මෙම විනාශ ප්‍රමාණය තවත් වැඩි විය හැකි බව පවසා සිටියේය.

ජල විපතින් හලාවත මහ රෝහල අඩි පහකට වැඩ ජල ජලමට්ටමකින් යටවිය. ඒ නිසා සිටී ස්කෑන් යන්ත්‍රය ඇතුළු වකුගඩු ඒකකයෙ ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර හා ශල්‍යාගාර දෙක හා අනිකුත් වාට්ටු ජලයෙන් යටවිම නිසා එම උපකරණ වලට සිදුවු හානිය බිලියන ගණනක් බවද වෛද්‍ය අධිකාරිවරයා පවසා සිටියේය.

ජලයෙන් යටවු රෝහල තාවකාලිකව වසා දැමූ අතර අතර එහි පිරිසිදු කිරීම් වලින් පසු භාහිර රෝගී ඒකකය හා සායන පමණක් දැනට ආරම්භ කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පවසයි.

රෝහලේ අනිකුත් වාට්ටු ආරම්භ කිරීම සදහා ඖෂධ හා අනිකුත් උපකරණ රජයෙන් ලබා දීමට කටයුතු කරමින් ඇති බවත් එම සියල්ල ලැබිමේන් පසු රෝහල නැවත පෙර පරිදි ආරම්භ කිරීමට හැකි බවයි.