හරීන්ගේ ප්‍රකාශයට සහයක රදගුරුතුමන්ලාගේ විරෝධය


(ඩයනා උදයංගනී)

 
පාස්කු ප්‍රහාරය පිළිබඳ ‍විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවට පසුගියදා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල්තුමන්ට එල්ල කර ඇති චෝදනා අසත්‍ය හා ආසාධාරණ ඒවා බවත් එම ප්‍රකාශයේ ඇති කරුණු ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
 
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේදී කාදිනල්තුමා දේව මෙහෙයක් නොපැවැත්වූ බවට හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇතත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් සිරිත් පරිදි තම ආසන දෙව්මැදුර වන කොටහේන සාන්ත ලුසියා දෙව්මැදුරේදී පාස්කු රාත්‍රී මෙහෙය පැවැත්වූ බව එම නිවේදනයේ දැක්වේ.
 
මැක්ස්වෙල් සිල්වා, ඇන්තනී ජයකොඩි සහ පී. ඇන්ටන් රංජිත් යන කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.