(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
නිදහස් සහ සාධාරණ ලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන ආචාර්ය හරිනි අමරසූරිය, සුනිල් හඳුන්නෙත්ති සහ වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්ම මහත්මීන් විසින් ගොනුකර ඇති මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නීතිපති සහ අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.
නීතිඥ සුනිල් බටගල මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පළාත් පාලන මැතිවරණ පනතේ විධි විධාන අනුව මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.එහෙත් වගඋත්තරකරුවන් විසින් අදාල මැතිවරණය පැවැත්වීම වළක්වනු ලැබ ඇත.
ඊට අමතරව මැතිවරණ සඳහා තැන්පත් මුදල් බාර ගැනීම වළක්වාලමින් නියෝගද නිකුත් කර තිබිණ.පසුව ඒවා ඉවත් කෙරින.
තවද වැළැක්විය නොහැකි හේතූන් නිසා පළාත් පාලන තැපැල් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.මේ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි.

