හරිනි - අරුවක්කාලු බලන්න යයි


(අංජුල මහික වීරරත්න)

අරුවක්කාලු ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එහි ගියාය.

බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුන ආරච්චි, අසිත නිරෝෂන්, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, අජිත් ගිහාන්, හිරුණි විජේසිංහ, ගයාන් ජානක, ෆයිසාල් මොහොමඩ් මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.