හර්ෂණට සහ මුජුබර්ට සජබෙන් නව තනතුරු


(නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් සහ නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පත්කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙම නව පත්කිරීම් සිදු කරනු ලැබීය.

මෙයට අදාළ පත්වීම් ලිපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔවුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මුජුබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පක්ෂයේ  දැනට දරන තනතුරුවලට අමතරව මෙම නව තනතුරු ලබා දී ඇත.

මෙම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියහ.