හර්ෂගේ ’’කපුටු’’කතාවට ඩයනාගෙන් ’’කපුටු’’උත්තරයක්


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයත් කර තිබෙන්නේ කපුටු කූඩුවේ බිත්තර දැමීම යැයි පත්කළ මන්ත්‍රිනී  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

කපුටු කූඩුවේ බිත්තර දැමූ කතාවක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී ඩයනා ගමගේ මහත්මිය ඒ කතාව ඇසුණු විට තමාට හිනා ගිය බව ද සඳහන් කළාය.

සමගි ජන බලවේගය කර තිබෙන්නේ "මගේ කූඩුවට" පැමිණ බිත්තර දැමීම යැයි ද ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබ තුමාගේ නායකයාට පහර ගසන්නට එපා යැයිද ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ ප්‍රකාශ කළේ "රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ" බවයි.