
(අංජුල මහික වීරරත්න)
අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධිවේගී මාර්ග වල සිදු වන රථ වාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම අවම කිරීම පිණිස අංක 2455/29 2025-09-25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත. එමඟින්, අධිවේගී මාර්ග වල ධාවනය කරනු ලබන වාහන වල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව, එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

