(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල විද්‍යාලයක ප්‍රාථමික අංශයේ ගේට්ටුවේ ආරක්ෂාවට යොදා සිටි යුද හමුදා භටයකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව අක්මීමණ පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා සිය දරුවා අසනීප වී යැයි පාසලෙන් ලැබුණූ දුරකථන ඇමතුමක් අනුව පාසලට පැමිණි අයකු බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ තැනැත්තා විද්‍යාලය තුළට අනවසරයෙන් යාමට සැරසීමේදි ඊට හමුදා සෙබළා විරුද්ධ වී ඇත.
ඔහු හමුදා භටයාගේ අණ නොතකා පාසලට ඇතුළු වීමට යන අවස්ථාවේදී සෙබළා විසින් වෙඩි තබා ඇති බව මූලික පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා සෙබළා අත් අඩංගුවට ගෙන ඇත. අක්මීමණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



( ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද )

