
(සුජිත් හේවාජුලිගේ)
ත්‍රිවිධ හමුදාවන්හි නිලධාරීන් 784 තීරු බදු රහිත වාහන බලපත්‍ර පසුගිය වසරේදී නිකුත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
යුද හමුදාවේ 437 කටද නාවික හමුදාවේ 167 කටද ගුවන් හමුදාවේ 115 කටද සිවිල් නිලධාරීන් 40 දෙනකුටද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ 25 දෙනකුටද මෙසේ තීරු බදු රහිත බලපත්‍ර නිකුත් කර ඇතැයි අමාත්‍යාංශයේ 2023 කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.
සේවයෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිකුත් කරන ලද තීරු බදු රහිත වාහන බලපත්‍ර සංඛ්‍යාව 68කි.
මේ අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 545 දෙනකු පසුගිය වසරේදී පෞද්ගලික නිවාඩු ලබාගෙන විදේශගතව ඇතැයි සඳහන් කරන වාර්තාව රාජකාරී නිවාඩු ලබා විදේශගත වූ සංඛ්‍යාව 165ක් බවද ප්‍රකාශ කරයි.
මේ අතර පසුගිය වසරේදී විශ්‍රාම ගෙන ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් සංඛ්‍යාව 655 ක් බව එම කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.
පසුගිය වසරේදී නිලධාරීන් 1485 දෙනකු උසස්වීම් ලබාදී ඇති අතර අධිකාරි ගත කෙරුණු නිලධාරීන් සංඛ්‍යාව 725 කි.
මේ තොරතුරු සඳහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවේය.

