හමුදා ජීප් රථයක් අනතුරට ලක්වී 10 ක් රෝහලේ


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර අක්කරපත්තුව සිට කල්මුණේ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ යුද හමුදා ජීප් රථයක් නින්දවූර් අල්ලිමුල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරලීම නිසා ජීප් රථයේ ගමන් ගත් හමුදා භටයින් 10 දෙනෙක් තුවාල ලබා ඇතැයි සමන්තුරේ පොලිසිය කියයි.

තුවාල ලැබූ හමුදා භටයින් නින්දවූර් රෝහලට, කල්මුණේ අශ්රප් අනුස්මරණ රෝහලටද , අම්පාර මහ රෝහලට සහ මඩකලපුව ශික්ෂණ රෝහලට යවා තිබේ.

ජීප් රථය ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ගය හරහා ගිය ගවයින් බේරීම සඳහා තිරිංග පෑගීමේදී ජීප් රථය පාරෙන් ඉවතට පැන මෙම අනතුර  සිදුවී ඇති බව සමන්තුරේ පොලිසිය කියයි.