(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පරමාණුක ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට වාර්තා පළ වන හෙයින් ඒ ගැන වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එවැනි නැවක් පැමිණ ඇත්නම් එය වහාම පිටමන් කිරීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.
එම වාර්තා වල දැක්වෙන අන්දමට මෙම නෞකාව සොයාගනු ලැබ ඇත්තේ පරමාණු බලශක්ති අධිකාරිය විසිනැයි කී පේමදාස මහතා නැව පරික්ෂා කිරීමට නාවික හමුදාවට පවා ඉඩ දී නැතැයි ද සඳහන් කළේය.
එම නැව වහාම ඉවත් කරගන්නැයි පරමාණුක බලශක්ති අධිකාරිය නියෝගයක් දී ඇතත් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් තානාපති කාර්යාලයක බලපෑමට යටත් වී එසේ කටයුතු කරන්නේ යයි දැනගන්නට ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පරමාණු ද්‍රව්‍ය මිනිස් ජීවිතයට බරපතල තර්ජනයක් බවත් මෙම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායක වරයා කියයි.
මේ අවස්ථාවේ දී රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

