හන්තානේ ගස් කැපූ වතු අධිකාරි සහ සහකාර වතු අධිකාරි අල්ලයි


(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

මහා පරිසර හානියක් කරමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයේ නීති විරෝධී ලෙස ගස් කැපු බව කියන එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

සැකකරුවන් මහනුවර ගුන්නෑපානෙ සහ ගම්පොළ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

වැටුණු ගස් සහ මැරුණු ගස් ඉවත් කිරීමේ ටෙන්ඩරයක් ලබාගෙන පසුගිය වසරේ ඔක්තෝම්බර් සහ දෙසැම්බර් කාලය අතරතුර මෙම මහා පරිසර විනාශය සිදුකොට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එසේ ගස් 90ක් කපා ඇතැයි ද පොලිසිය පවසයි.