
(ඩී.ජී.සුගතපාල)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අද දහවල් සිදු කරන ලද හදිසි සෝදිසියකදී ජංගම දුරකථන 14ක් සොයා ගැනීමට හැකිවු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර උපක්‍රමික බළකාය එක්ව සිදු කරන ලද සෝදිසියකදී මෙම දුරකථන සොයාගෙන ඇත.
බූස්ස අධි ආරක්ෂකක බන්ධනාගාරයේ ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් ද ජංගම දුරකථන සොයා ගැනීමට හැකිව තිබෙන අතර සොයාගත් ජංගම දුරකථන අතර ස්මාට් වර්ගයේ දුරකථන 10 ක් සහ සාමාන්‍ය දුරකථන 4 ක් දවේ.

