(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ලබන මස 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළේය.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් ගොනු කර තිබූ එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
මෙම පෙත්සම අද (10) ප‍්‍රසන්න ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම් සලකා බැලීම සඳහා ජුලි මස 05 වනදා කැඳවීමට විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

