(අංජුල මහික වීරරත්න)
හදිසි නීතිය පනවා සතියක් ගත වුවද එකම පාරිභෝගික භාණ්ඩයකවත් මිල අඩු කිරීමට අසමත් වූ ආණ්ඩුව දැන් කළ යුතු එකම දෙය සියලු හදිසි නීති රීති හකුලා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
සාධාරණ මිලට ජනතාවට ආහාර දීමේ මුවාවෙන් සම්මත කරගත් හදිසි නීතිය ජනතාවට සෙතක් සැලසීමට නොයෙදවීම වත්මන් රජයේ ප්‍රබල දුර්වලතාවයක් බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
1978 වසරේ සුළිසුළං අවස්ථාවේදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාත්, සුනාමි ව්‍යසනය අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියත් හදිසි නීති රෙගුලාසි පනවා ජනතාවට සෙත සැලසීමට ක්‍රියා කළ ද කොරෝනා වසංගතය හමුවේ රාජපක්ෂ ආණ්ඩුව පැන වූ හදිසි නීති රෙගුලාසි වලින් ජනතාවට කිසිදු සෙතක් වී නැති බවද සඳහන් කළේය.

