හදිසි නීතිය තව මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි


(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 40 කින් පාර්ලිමේන්තුවේදී අද (31) සම්මත විය.

යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 42 ක්ද, විපක්ෂව ඡන්ද 2 ක්ද හිමි විය.

මෙම යෝජනාව සම්බන්ධව සභාවේ බෙදීමක් ඇති බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීතරන්  මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඡන්ද විමසීම සිදුකිරීම සඳහා සීනුව නාද කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා උපදෙස් දුන්නේය.

මෙහිදී එක්සත් ජාතික පෙරමුණ සහ  එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුන්හ.

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.