(බිඟුන් මේනක ගමගේ)
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ අන්තර්ගත යැයි කියන දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත කාර්යකැයි ද ඒවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් චැනලයක් ඔස්සේ ජනතාවට අසන්නට විකාශය කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත වසන්ත සමරසිංහ මහතා 'ලංකාදීප'යට අද(15) පැවැසීය.
ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් සිදුවන්නේ මහජන මුදල් තවත් වටයකින් විනාශ කිරීමක් යැයි ද හඬපට යූ ටියුබ් චැනලයක් ඔස්සේ විකාශය කිරීමෙන් ආණ්ඩුවට ආදායමක් උපයා ගත හැකි යැයි ද සමරසිංහ මහතා කීය .
රාමනායක මන්ත්‍රීවරයාගේ යැයි කියන හඬ පට මේ වන විට දෛනික සංස්කෘතික ආහාර වේල බවට පත්ව ඇතැයි කී හෙතෙම ආණ්ඩුව ඒවා පාවිච්චි කරගෙන රටේ දැවෙන ප්‍රශ්න සියල්ල යටපත් කිරීමට උත්සාහ කරන්නේ යැයි ද යැයි ද චෝදනා කළේය.
බැඳුම්කර ගනුදෙනුව ගැන රාජපක්ෂ යුගයේ වංචා දූෂණ ගැන වික්‍රමසිංහ පාලනයේ වංචා දූෂණ ගැන ආදී වශයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පමණක් ජනාධිපති කොමිසම් ගණනාවක්ම පත් කළ ද ඒ කිසිවක් මේ වන තුරුත් තීරණාත්මක අවසානයක් කරා ගොස් නැතැයි සමරසිංහ මහතා අවධාරණය කර කී ය.
එවැනි තත්වයක් තුල හඬ හත්වයක් තුළ හඬපට සිදුවීමක් සම්බන්ධයෙන් ද අලුතෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීම ඇස්බැන්දුමක් පමණක් වනු ඇතැයි ද ඇතැයි ද සමරසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

