කොරෝනා වෛරස වසංගතය පැතිරීම හේතුවෙන් වන්දනා ගමන් ප්‍රමාද කරන ලෙස හජ් වන්දනාවට සහභාගී වීමට සැලසුම් කරන මුස්ලිම්වරුන්ගෙන් සෞදි අරාබිය ඉල්ලා තිබේ.
හජ් අමාත්‍ය මොහොමඩ් බැන්ටෙන් කියා සිටියේ වන්දනාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රාජධානිය සැලකිලිමත් වන බැවින් කොන්ත්‍රාත්තු අවසන් නොකර බලා සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
හජ් වාර්ෂික මංගල්‍යය සඳහා මිලියන දෙකක පමණ ජනතාවක් එළඹෙන ජූලි සහ අගෝස්තු මාසවල මක්කම සහ මෙදිනා වෙත පැමිණීමට නියමිතව තිබිණි.
හැකියාව ඇති මුස්ලිම්වරු ජීවිත කාලය තුළ එක් වරක් හෝ හජ් වන්දනා කළ යුතු බව ඔවුන්ගේ ආගමේ මතයයි.
කොරෝනා වෛරසය පැතිරීම අඩු කිරීමට ගන්නා පියවරක් ලෙස සාපේක්ෂව අඩු පිරිසක් සහභාගී වන උම්රා වන්දනාව දැනටමත් අත්හිටුවා ඇත.
මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 1,563 කට ආසාදනය වී රට තුළ ජීවිත 10ක් බිලිගත් කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමට සවුදි බලධාරීන් උත්සාහ කරන බැවින් මක්කම සහ මෙදිනා මෙන්ම රියාද් අගනුවරට ද ජනතාව ඇතුළු වීම වළක්වා ඇත.
“ඕනෑම තත්වයක් යටතේ මක්කමට එන බැතිමතුන්ට සහ උම්රා වන්දනාකරුවන්ට සේවය කිරීමට සෞදි අරාබිය සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින නමුත් වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය යටතේ, අප අපව බේරා ගන්නා ලෙස දෙවියන්ගෙන් ඉල්ලා ඇති අවස්ථාවක, මුස්ලිම්වරුන්ගේ සහ පුරවැසියන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම රාජධානියේ වගකීමයි.
එබැවින් අපි සෑම රටකම සිටින අපගේ සහෝදර මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේ තත්ත්වය සමනය වනතුරු සංචාරක ගිවිසුම් අවසන් නොකර බලා සිටින ලෙසයි" යැයි බැන්ටෙන් මහතා රාජ්‍ය රූපවාහිනියට පැවසීය.
මෙම තහනම පැනවීමට පෙර උම්රා වන්දනාවේ යෙදී සිටි පුද්ගලයින්ට නවාතැන් ගැනීම සඳහා භාවිතා කළ හෝටල් සියල්ල හජ් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‍ෂා කර ඇති අතර එහි සිටි පුද්ගලයන්ට ස්වයං හුදකලා වීමට නියෝග කර ඇත.
මේ වන විට උම්රා වන්දනාවට වීසා මිලදී ගෙන භාවිතා කළ නොහැකිවූ පුද්ගලයින්ට මුදල් ආපසු ගෙවන බව ද අමාත්‍යවරයා පැවසීය.
(බීබීසී ඇසුරිණි - 085)

