
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් ජනතාවට ප්‍රශස්ත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍යවන රාජකාරී පරිසරය සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බව අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය සමග සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දීපැවති සාකච්ඡාවකදීය.
රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සිය වෘත්තීය ගැටළු මෙන්ම සේවා කටයුතු සිදු කිරීමේ දී අභියෝගයක‍්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

																	
																	
																	
																	
																	
																	