
(යොහාන් භාසුර)
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් පිළිබදව බලධාරීන් අවධානය යොමු නොකිරීමට විරෝධය දක්වමින් හෙට සහ අනිද්දා (24 සහ 25) වර්ජන ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
මෙම වර්ජනයට පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, හෙද සහ අතුරු වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු 50,000 ක් පමණ සහභාගි වීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය කියයි.

