
(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පමණක් උපකාරක පංති ආසන ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයට යටත්ව ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවසර ලබාදී තිබේ.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ (15) නිකුත් කරන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් මෙම අවසරය ලැබී තිබේ.

