සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බලතල නොතිබිමෙන් ගැටලු රැසක්


විනීතා එම් ගමගේ 

නිරෝධායන පනතේ පවතින බලතල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මෙතෙක් පවරා නොතිබීම ඔවුන්ගේ රාජකාරිවලට බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.

රඹුක්කන කඩිගමුවේ දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට අද මුහුණ දෙන්නට වූ සිද්ධිය ද එසේ බලතල නොමැති කමින් සුදුවූ පහරකෑමක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදිපයට පැවැසීය.

කේෂත්‍රයේ නිලධාරින් වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නිරෝධායන පනත යට⁣තේ බොහෝ බලතල පැවරිය හැකි බවත් ඒපිළිබඳව අමාත්‍යවරියගෙන් මේ වනවිටත් ඉල්ලීමක් කර ඇතිබවත් උපුල් රෝහණ මහතා කීවේය. 

කෙසේ වෙතත් කොරෝනා මර්දන සටනේ දී එකී බලතලවල අවශ්‍යතාවය පවතින බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉක්මනින් යම්  පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කලේය.