
(රංජන් කස්තුරි)
රෝහල්වල තිබෙන බරපතල පුහුණු වෘත්තිකයන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේදී රෝහල් ගණනාවක සී.ටි.,එම්.ආර්,අයි සහ පෙට් ස්කෑන් පරික්ෂණ සේවා,හෘද කැතීටර් පරික්ෂණ ශල්‍යාගාර විකීරණ පරික්ෂණ සේවා නතර වීමේ අවදානමක් හටගෙන ඇතැයි රජයේ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
වීකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් තිබෙන හෙයින් සහ සේවය කළ පරිසක් විදේශගතවීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.
කොළඹ ජාතික රෝහල,කොළඹ රිජ්වේ ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල,මහනුවර ශික්ෂණ රෝහල,කරාපිටිය,අනුරාධපුර,යාපනය, මඩකළපුව, රත්නපුරය බදුල්ල කෑගල්ල සහ පොලොන්නරුව රෝහල්වලත් තවත් පළාත් මහ රෝහල් රැසකගේ එම පරීක්ෂණ නතරවන බව ද ධර්මකීර්ති මහතා කීය.

