(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සේරුවිල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීම නිසා එහි සභාපති ධූරයෙන් රණසිංහ බණ්ඩාර (එ.ජා.ප.) මහතා ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ගත් තීරණය නිවැරදි බවට අභියාචනාධිකරණය තහවුරු කළේය.
ප්‍රාදේශීය සභා සභාපති එම ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රණසිංහ බණ්ඩාර මහතා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය මෙම තහවුරු කිරීම කර ඇත.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර විභාගයක් පැවැත්වීමට තරම් පදනමක් නැතැයි ගාස්තු රහිතව පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල සදහන් කර තිබේ.
සේරුවිල ප්‍රාදේශීය සභාවේ 2021වසර සදහා ඉදිරිපත් කළ අයවැය වාර්තාව පරාජයට පත් වීම නිසා ප්‍රාදේශීය සභා පනතේ 185 වගන්තිය යටතේ පෙත්සම් කරු සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුකාරවරිය තීරණය කළාය.

