(අමදෝරු අමරජිව සහ සුගත් වටගෙදර)
සේරුවිල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩබ්.ඒ.ජයසිරි මහතා තේරී පත්විය.
සභාපතිවරයකු තෝරා ගැනිම සදහා අද (02) පැවැති ජන්ද විමසිමේදි නව සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඩබ්.ඒ.ජයසිරි මහතා වැඩි ජන්ද හයකින් (06)ජයග්‍රහනය කළේය.
පලාත් පලාන කොමසාරිස් එන්. මනිවන්නන් මහතගේ ප්‍රධානත්වයෙන් පැවැති විවෘත ජන්ද විමසිමේදි ජයගත් ඩබ්.ඒ.ජයසිරි මහතාට පක්ෂව ජන්ද 11ක් ලැබුණු අතර හිටපු සභාපති වු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආර්.එම්.රණසිංහ බණ්ඩා මහතාට ලැබුණේ ජන්ද පහකි.රණසිංහ බණ්ඩා මහතාට පක්ෂව දෙමල ජාතික සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ජන්දය ප්‍රකාශ කිරිම විශේෂත්වයක් ගත්තේය.
ඩබ්.ඒ.ජයසිරි මහතාට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු හය දෙනාට අමතරව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු තිදෙනා හා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරයා මෙන්ම ශ්‍රි ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රිවරයා සහය පල කර තිබුණි.
2021 මුල්‍ය වර්ෂය සදහා අයවැය සම්මත කරගැනිමට යෑමේදි අයවැය පරාජයට පත්විම නිසා හිටපු සභාපතිවරයා සභාපති ධූරයෙන් ඉවත් කිරිම නිසා මෙම නිලවරණ්‍ය පැවැත්විය.
හිටපු සභාතිවරයා එක්සත් ජාතික පක්ෂ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා දෙමල සන්ධානය සමග එක්ව බලය ලබාගෙන තිබුණි.

