සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හරියි


( වසන්ත චන්ද්‍රපාල )

අම්පාරට ලැබෙන අධික වර්ෂාව සමග ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහල යෑම නිසා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත  කිරීමට පියවර ගත් බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසිය.

ඒ අනුව අද පෙරවරු 8.00 ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු 05ක් අඟල් නවයක්  විවිෘත කිරීමට වාරිමාර්ග දෙපාර්ත මේන්තුව පියවර ගෙන තිබේ.

 ජලාශයට ජලය එකතුවිමේ ප්‍රවනතාවය වැඩි උව හොත් වාන් දොරටු තවත් එසවිමට  පියවර ගන්නා බව දිසාපතිවරයා පවසයි.

මෙම වාන් දොරටු  විවෘත කිරිමත්  සමගම ගල්ඔ්ය  ගඟ දෙපස ජලයෙන් යටවෙන අතර ගල්ඔය ඟග අවට සිටින ජනතාවට ආරක්ෂක ස්ථානවලට යන ලෙසට වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් නිවේදනය කර තිබේ.

දැනට පවතින තත්වය සමග වාන් දොරටු විවෘත කරන ස්ථානයට නොයන ලෙස අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා මහජනතාවගෙන් ඉල්ලිමක්ද කරනු ලැබිය.