සෙව්වන්දි නවත්තා ගත් යාපනේ ගෙදරින් කොටින්ගේ අවි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු  සැපයූ  පුද්ගලයාගේ යාපනය නිවසේ සඟවා තිබූ එල් ටි ටි ඊ  සංවිධානය පරිහරණය කළ  පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකාර හිටපු  එල් ටි ටි ඊ සාමාජිකයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් සමග විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් ඊට යොදන මැගසින් දෙකක් , 9එම් එම් වර්ගයේ ජීව උණ්ඩ හතක් සොයා ගෙනඇත.

එම සැකකරුට ගිනි අවි ලබා දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අඩංගුවට ගෙන ඇති  වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේදී බව පොලිසිය කියයි.

ඉෂාරා සෙව්වනදි විදේශගත කිරීමේ සිද්ධියේසම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් දස දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් බෝට්ටු සැපයූ පුද්ගලයාගේ වයස 52 ක් වන අතරින් ඔහුට ගිනි අවි ලබා දුන් පුද්ගලයාගේ වයස අවුරුදු 43 කි.