
(එස්. ඩි .කොඩිකාර)
දෙනියාය ,පල්ලෙගම සත්මාල ඇල්ලේ දිය නෑමට පැමිණි එකම පවුලේ පිය පුතු දෙපළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහ හපුගල, ගිංතොට ,ගාල්ල ලිපිනයේ පදිංචි මොහොමඩ් තාහීර් මොහොමඩ් මන්සාර් නැමති (48) හැවිරිදි පියා සහ මොහොමඩ් මන්සාර් මොහොමඩ් මාහීර් නැමැති (16) හැවිරිදි පුතා බව පොලිසිය කියයි.
සිය පුතා දෙවන මහලේ සිට ජායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දී ඔහු පය ලිස්සා ඇල්ලට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට පියා ඇල්ලට පැන ඇති අතර පසුව දෙදෙනාම දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය දෙදෙනාගේ සිරුරු ගොඩ ගැනීම සඳහා පොලිසිය නාවික හමුදාවේ සහය පතා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.


