(අංජුල මහික වීරරත්න)
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකදී මෙම සිදුවීම විය.
ජන රැළිය අවසන් වී ජනාධිපතිවරයා වේදිකාවෙන් නික්ම යන අවස්ථාවේ ජනතාව ජනාධිපතිවරයා දෙසට පැමිණීමට උත්සාහ කළ අතර ඒ අවස්ථාවේ කුඩා දැරිය තෙරපීමට ලක්වන අයුරු ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය.
ජනාධිපතිවරයා වහාම ඉදිරිපත් වී කුඩා දැරිය දෙසට අත දිගු කර ඇය වඩාගෙන තෙරතෙමෙන් මුදාගන්නා අයුරු දැක ගත හැකි විය.