
සනත් ගමගේ
වල්සපුගල යෝජිත වල්අලි කළමනාකරණ රක්ෂිත කලාපය ගැසට් කරන බවට වනජීවි අධ්‍යක්ෂවරයා හම්බන්තොට දිසාපති ඩබ්ලිව්.එච්. කරණාරත්න මහතා හරහා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව මාරාන්තික උපවාසය අද (10) සවස අත්හළ බව ගොවීහු කියති.
කෙසේ වුවද සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යන බව ගොවීහු පවසති.
මෙම රක්ෂිත ගැසට් කරන්නැයි ඉල්ලා පැවැත් වූ මාරාන්තික උපවාසයට සහය දක්වා අද අම්බලන්තොට නගරයේ දි උද්ඝෝෂණයක් ද පැවැති අතර ඒ හේතුවෙන් නගරයේ දැඩි තදබදයක් ද පැවැතියේය.
උද්ඝෝෂණයෙන් අනතුරව එම පිරිස දිසාපතිවරයා හමු වූ අතර එහිදී වනජීවි අධ්‍යාක්ෂවරයා දුන් ලිඛිත පොරොන්දුව උද්ඝෝෂකයනට දී ඇත. අනතුරුව ඔවුන් එම ලිඛිත පොරොන්දුව මාරාන්තික උපවාසයේ යෙදී සිටි ගොවීනට කියැවීමෙන් පසුව මාරාන්තික උපවාසය අත්හළ බව ගොවීහු කියති



