සූමෝ ශූරයෝ මව්බිමට එති


(ටී.කේ.ජී.කපිල )

රුසියාවේ පැවති 2025 - පොදු රාජ්‍ය මණ්ඩලීය සූමෝ තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා සූමෝ කණ්ඩායමේ සිව් දෙනා ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද (10)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 06 දින සිට 10 දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සූමෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් රුසියාවේ මොස්කව් නුවර පවත්වා තිබුණි .

එහිදී ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා කණ්ඩායම එම තරගාවලියේ කාන්තා විවෘත අංශයෙන් තරග කර මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීම විශේෂත්වයකි .

ඔවුන් අද  දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් මෙන්ම ශ්‍රී ලංකා සූමෝ ෆෙඩරේෂනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .