සුළු වැරදි වලට හිරේ ඉන්න අයට ජනපති පොදු සමාව


(ජයන්ත සමරකෝන්)

සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දඩ හා ඇප මුදල් ගෙවා ගත නොහැකිව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් පොදු සමාව ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳ ලේඛන මේ වන විට සකස් කරගෙන යන බවත් බන්ධනාගාර මුලස්ථානය පවසයි.

මේ අතර අවුරුදු 65 ට වැඩි සුළු වැරදි කර සිරදඬුවම් විදින කාලය අඩු කිරිමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මිනීමැරුම් මංකොල්ල කෑම්, ස්ත්‍රී දුෂණ, ළමා  අපචාර ඇතුළු බරපතල ඝනයේ අපරාධ සම්බන්ධ කිසිදු සිරකරුවකු මෙම පොදු සමාවට අයත් නොවන බවද  බන්ධනාගාර මුලස්ථානය පෙන්වා දෙයි.

කොරෝනා වසංගත ත්ත්වය හා බන්ධනාගාරවල තදබදය වැළැක්වීම සඳහා ජනාධිපති පොදු සමාව ක්‍රියාත්මක කර බව වාර්තා වේ.