(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ගලේවෙල හරහා හමාගිය දැඩි සුළඟකින් ගලේවෙල දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පිහිටි ගංගාරාම විහාරස්ථානයේ වැඩ සිටි බෝධීන් වහන්සේගේ අත්තක් කඩා වැටී විහාරස්ථානයේ බුදු මැදුරට දේව මන්දිරයට මෙන්ම ධර්ම ශාලාවට ද දැඩි හානි සිදුවී ඇතැයි විහාරාධිකාරී හිමිවරු පවසති.
ඉතා ඉපැරණි විශාල බෝධීන් වහන්සේ නමක් ඊයේ (25) රාත්‍රියේ පැවති සුළඟත් සමඟ එක වර ම කඩා වැටීම නිසා මෙම විනාශය සිදු වී තිබේ.
මෙම මහා විනාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ වීහාරයේ කුඩාස්වාමීන් වහන්සේලා කියා සිටියේ එක වරම දැඩි සුළං හමා ගිය බවයි .
සුළඟත් සමග බෝධීන් වහන්සේගේ විශාල අතක් මුලින් ඉදිරිපතිත වීමත් සමඟ බෝධිය ඉදිරිපිට වැඩ සිටි බුදු පිළිම වහන්සේඇතුළු බුද්ධ මන්දිරය දොළොස් මහේ පහණ මෙන්ම සතර මහාදේවාල ධර්මශාලාව කඩා බිඳීගොස් තිබේ.
එහි පරිවේණාධිපති දඩුබැදිරුප්ප මහින්ද හිමියන් කියා සිටියේ මෙම විහාරස්ථානය බොහෝ ජනතාවගේ දායකත්වයෙන් සංවර්ධනය වෙමින් පැවතුණු එකක් බවත්කඩිනමින් නැවත විහාරස් විහාරස්ථානය ගොඩ නැගීම සඳහා සැදැහැවතුන් සහ රජයේ කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.
.