සුසන්තිකාටත් කෝවිඩ් ආසාදනය වෙයි


(නිමන්ති රණසිංහ)

ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීම මත සිදුකළ පරීක්ෂණ වලින් පසු ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට හදුනා ගෙන ඇතැයි ද සඳහන් වේ.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු වී ඇතැයි ද පැවසේ.