සුව ඇමැතිත් දන්සලක කඩල බෙදයි


(අංජුල මහික වීරරත්න)

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරි‌ශ්‍රයේ දී පැවැත්විණි.

මෙම කඩල දන්සලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරුද සහභාගී වූහ.