
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හාමඩ් නසර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙහි දී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යය අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය මෙන් ම මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය පිළිබඳව සාකච්ඡා විය.
සෞදි අරාබි රාජ්‍ය මෙරට සියලු අංශවල සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් සහයෝගය සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බව සඳහන් කළේය.


