සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට සාමාජිකයෝ දෙදෙනෙක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට  සාමාජිකයන් දෙදෙනකු පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබී ඇත.

කේ. ඒච්. ජෙසී මුඑලර් මහත්මිය සහ කේ. දුනුසිංහ මහතා එම මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කිරීමට මෙසේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු සභාවට මෙම නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබුණේ  මුදල් අමාත්‍යවරයා විසිනි.

මෙයට අමතරව  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සාමාජික ධුරය සඳහා ඒ්.එම්. නහියා මහතාගේ  නාමයෝජනාව  ජනාධිපතිවරයාට  නිර්දේශ කිරීමටද පාර්ලිමේන්තු සභාව  තීරණය කළ  බව  මහලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සභාව කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (07) රැස්විය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය  දිනේශ් ගුණවර්ධන සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුද  සහභාගි වූහ.