සුපිරි වෙළඳසැල් කඩා ලැප්ටොප්-දුරකතන සොරාගත් අයෙක් අල්ලයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම සහ මිරිහාන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දෙකකින් අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ පනහක් වටිනා ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දහ අටකින්  රුපියල් ලක්ෂ 80 අධික වටිනාකමින් යුත් ලැප්ටොප් , ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් රැසකට අදාලව බන්ධනාගාර ගතව සිට ඇපමත නිදහස්ව සිටින අයකු බව පොලීසිය කියයි.

පසුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව එම සොරකම් තුනට අදාල ලැප්ටොප් යන්ත්‍ර  12 හා ජංගම දුරකථන 23 ,කොටසක් සැකකරුගේ නිවසේ තිබී සොයාගත් අතර හා තවත් භාණ්ඩ තොගයක් ඉතා අඩු මිලට විකුණා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් කොහුවල පදිංචි (41) පුද්ගලයා අද (18) දා  නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.