
ජීවිත 35000කට අධික ජිවිත බිලිගත් සුනාමියට අදට ) 21 වසර සපිරේ.
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදු වූ මහා භූ කම්පාවක් හේතුවෙන්ම ඇති වූ සුනාමි රළට ශ්‍රි ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු ව්‍යසනයකට මුහුණ දීමට සිදු විය.
ශ්‍රී ලාංකිකයන් 35,000කට අධික පිරිසක් මියගොස් 5000සක අධික පිරිසක් අතුරුදන්විිය. ඉතා විශාල දේපල රැසක් ද විනාශයට පත්විය. දුම්රියක් ද සුනාමි රළපහරට අසුව ගසාගෙන ගියේය. ඒ පැරෑලිය දුම්රිය ස්ථානයට ආසන්නයේදීය.
සුනාමියෙන් මියගිය පිරිස සිහිකර පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී අද පෙරවරුවේ සැමරුම් පිංකමක් පැවැත්වේ.
සුනාමි ආපදාවෙන් මියගිය සහ අතුරුදන් වූ පිරිස් සිහි කරමින් අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

