
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් සුන්බුන් අතර සිරවී මියගිය බිලිදාගේ මව හා පියාගේ මළ සිරුරුද මීට සුළු මොහොතකට පෙර දී හමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අචලා ඒකනායක (32) සහ ඇගේ සැමියා වන චමිල ප්‍රසාද් (35) යන දෙදෙනාගේ සිරුරු සුන්බුන් අතර තිබියදී මෙසේ සොයා ගැනිණි.
සුන් බුන් අතර සිර වී සිටි මාස දෙකක් වයසැති බිළිඳාගේ සිරුර ද උදෑසන සොයාගෙන තිබිණි. මේ වන විට සිරුරු මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.
(ඡායාරූප සැපයීම - රේඛා තරංගනී)











