සුදු ජාතික කතගේ සේසත කොල්ල කයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බ්‍රිතාන්‍ය ජාතික 60 හැවිරිදි කාන්තාවක් පදිංචිව සිටින හද නාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදුනු නා දුන පුද්ගලයන් දෙදෙනකු මරණ බවට තර්ජනය කර ඇය පැළඳ සිටි දියමන්ති ඇල්ලූ කරාබු ජෝඩුව සහ දියමන්ති පෙන්ඩනය කඩාගෙන රුපියල් 3,400මුදලක් ද පැහැරගෙන  ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වසර 15ක කාලයක් තිස්සේ සිට මෙරට පදිංචිව සිටින තැනැත්තියකි.

පැහැරගෙන ගිය දේපොළවල මුළු වටිනාකම1,603,400බව ඇය රත්ගම පොලිසියට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

රත්ගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙදේපොළ පැහැරගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි