(එම්.කේ.නන්දසේන)
එංගලන්ත ජාතික කාන්තාවක් බුත්තල කතරගම මාර්ගයේ වනජීවි මුරපොල අසල වැසිකිළියට ගිය අතරවාරයේ ගමන් මල්ලේ තිබූ රුපියල් ලක්ෂ 24 ක් වටිනා කැමරා උපකරණ කට්ටලයක් සොරකම් කොට ඇති බවට කර තිබූ පැමිණිල්ලක් මත වනජීවී නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි.
එංගලන්ත ජාතික මෙම කාන්තාව ඇයගේ මිතුරෙකුද සමගින් ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් මස 22 දාය.
ඇය පසුගිය (05)දා කතරගම ප්‍රදේශයේ සංචාරය කොට ඊයේ (06) සෆාරි ජීප් රථයකින් කතරගම බුත්තල මාර්ගයේ සංචාරය කොට ඇත. ෙමෙම කාන්තාවට වැසිකිළි යාමේ අවශ්‍යතාවය මත ගල්ගේ වනජීවි මුරපොළ වෙත පැමිණ වැසිකිළියට ගිය අතරවාරයේ මෙම කැමරා උපකරණ සොරකම් කොට ඇති බවට පැමිණිල්ලේ දැක්වේ.
අදාළ පැමිණිල්ල මත ගල්ගේ වනජීවී මුරපොළේ සේවයේ නියුතු වනජීවි නියාමක වරයෙකු කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.

