සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථ අලුත්වැඩියාවට


(නිමල කොඩිතුවක්කු)

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පවතින මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

යුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පවතින මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 1,062.543 ඇස්තමේන්තුගත පිරිවැයක් මත ක්‍රියාත්මක කිරීම පිණිස 2025-10-21 භා 2026-03-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මඟින් අනුමැතිය ලබා දී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03 ක් ඉදිරිපත් කර ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, සුදුසුකම් ලැබ ඇති එකම ලංසුකරු විසින් ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදලට වඩා 70%ක ඉහළ ලංසු අගයක් ඉදිරිපත් කර ඇති බව සැලකිල්ලට ගෙන, එම ප්‍රසම්පාදනය සඳහා නැවත ලංසු කැඳවීම පිණිස ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම නිර්දේශ මත පදනම්ව සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පවතින මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා නැවත ලංසු කැඳවීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.